The Voice Sri Lanka තරගාවලියේ පියුමි යලි කරලියට.
“දිගු නිහැඩියාවක් බිදමින්  නැවතත් The voice Sri Lanka තරගාවලියේ පියුමි සේනායක ඇයගේ නව නිර්මාණය සිය ප්‍රේක්ෂකයන් හට තිලිණ කරේ පසු ගිය මාසයේදීය. ඒ අපගේ අදරනීය කලාකරුවනන් වු සුනිල් පෙරේරා මහතාගේ ගීතයක් වන ඔබ දු‍ටු ඒ මුල් දීනේ ගීතයට උපහාරයක් ලෙස එම ගීතයම නැවත ගයනා කරමින් කවර් ගීතයක් ලෙස එලිදැකවිමෙනි.  

දිගු නිහැඩියාවක් බිදමින්  නැවතත්  පියුමි සේනායක ඇයගේ හඬ අවදි කරයි

මෑත කාලයේ ඉතා ජනප්‍රිය ගායන තරගයක් වු The voice Sri Lanka තරගය තුලින් ජනප්‍රියත්වයට පත් වු පියුමි සේනානයක(Piumi) පිලිබද පසුගිය සතිය තුල සමජ මාධ්‍ය ජාල ( social media) හරහා දැඩි ලෙස කත බහට ලක්විය.

ඒ අප බොහෝසෙයින් අදරය කරන ප්‍රවින ගායකයකු ලෙස ජනතාඅදරය දිනා ගනිමින්ඉතා මැතක දි අප අතරින් වෙන් වු සුනිල් පෙරේරා(Sunil Perera) මහත්මයාගේ ජනප්‍රිය ගීතයක් වන ඔබ දු‍ටු ඒ මුල් දිනේ (oba dutu e mul dine) ගීතය සදහා නවමුහුනුවරයක් එක් කර උපහාර (tribute) ගිතයක් නිර්මාණය කිරිමෙනි.

The voice Sri Lanka හා පියුමි

නවක කලාකාරනියක් වු පියුමි විදුර විද්‍යාලයෙන් අධ්‍යපනය හැදැරු අතර වැඩි දුර අධයාපනය සදහා මොස්තර නිරුපන (Fashion design )ශිල්පය තොරා ගැනුනි.ගැඹුරු හා බටහිර ආභාශයක කටහඩක් ඇති ඇය කුඩා කල සිටම සංගිතය කෙරහි ඉමහත් උනන්දුවක් හා හැකියාවක් දැක්වු අයෙක් වේ.ඇයගේ දැඩි අශාව හා උනන්දුව නිසාම පසුගිය වසර තුල තම සංගීත ජිවිතයේ නව කඩයිමක් ජය ගැනිම සදහා ඇය The voice Sri Lanka තරයට ඇතුල්විය.එහිදි එම තරගයේ දැඩි තරගකරි ස්වභාවය හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඇයට එම තරගයෙන් ඉවත් විමට සිදුවිය. නමුත් එයින් නොනැවතුනු පියුමි විටින් විට තම යුටියුබ් (Youtube)නාලිකාව හරහා විවිධ අකාරයේ කවර් ගීත (Coversongs )තම රසිකයින් හට තිලිණ කරේ මහත් කැපවිමකින් හා උනන්දුවකිනි.

ඇයගේ සියලු ගීත අහිබවා ඔබ දු‍ටු එ මුල් දිනේ (Oba dutu e mul dine) කවර් ගීතය ( Cover song ) ජනතාව අතර ඉමහත් කතාබහට ලක් විය.මන්ද මෙම ගීතය ඇයගේ පෙර ගීත වලට සාපේක්ශව වෙනස් අකාරයකින් සිදු කර ඇති අතර එය ඉතාමත් සරල හා චාම් ලෙස තම රසිකයන් හට තිලිණ කිරිමට ඇය මහත් උත්සහයක් දරා ඇත. The voice Sri lanka | පියුමි සේනායකමෙම ගීතය ජනතාව අතරට ගෙනයාම සදහා ඇය Youtube,Facebook,Instagram වැනි විවිධ සමාජ මාධය ජාල භාවිතා කිරිමද විශේෂ විය.එමෙන්ම මෑතකදි අප අතරින් වෙන්වු අපගේ ආදරනීය කලාකරු වු සුනිල් පෙරේරා ( Sunil Perera) මහත්මයගේ ගීතයක් තොරා ගැනිම ද මෙම ගීතය ජනතාව අතරට ගෙනයාමට ඇයට මහත් සේ උදව් විය.

කෙසේ වෙතත් තම සංගිත ජිවිතේ මුලාරම්භයක් ලෙස මුලපිරු The voice Sri Lanka ගමන තුලින්  ඇය සමාජය තුල කතාබහටලක් වන චරිතයක්වි ඇත්තෙ නිරායාසයෙනි. ඇයගේ මෙම ගීතය අද වන විට යුටියුබ් නාලිකාව තුල නැරබුම්වාර (views ) 11,500 සීමාවපසුකර ගොස් ඇත, එසේම විවිධ Facebook පි‍ටු ( Facebook pages) හරහාද ඇය ගයනා කරන මෙම ගිතයට ජනතාවා අදරය කර ඇති අන්දම අපිට දැකගත හැක. ඇයගේ යුට්යුබ් නාලිකාව තුල ඇය ගේ රසික රසිකාවියන් තබා ඇති පැසසුම් මගින් ඇයගේ සංගිත ජිවිතයතුල ඇය අදවන විට ලගා කරගත් සාර්තකත්වය පිළිබදව මනා ලෙස පිලිඹිබුවේ.

පියුමි ( piumi )යනු ඉතා ඉක්මනින්  ජනතාව අතර අදරය දිනාගත් නවක ගායිකාවකි. මෙලෙස ජනතවගේ  අදරය ඉතා කෙටි කාලයකින් දිනා ගැනිමට  ඇයගේ උත්සහය හා කැපවිම මහත් රුකුලක් විය. එමෙන්ම the voice sri lanka තරගාවලිය ද ඇයට මේ ක්ශේත්‍රයට පිවිසීමට මහත් රුකුලක් විය.

කෙසේ වෙතත් ඇය ආ ගමන් මග තුල මෙතෙක් බිහි කල නිර්මාණ අතිවිශ්ටය.එලෙසම තවත් මෙවැනි  නව නිර්මාණ  බිහිකරමින් තව තවත්  ජනතා ප්‍රසාදය දිනා ගනිමින් ඇයට තම සංගීත ජිවිතය තුල හිනි පෙත්තටම යාමට හැකි වේවායි Bizmo news හි අපි  සුබාසිංශන එක් කරසිටිමු.